සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් වාර්ථා කල තරුණයෙකුට සිර දඩුවම්

0
සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත්

පසුගිය කොරෝනා වසංගත කාලයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවත් වාර්තා කරන ලදැයි චෝදනා වලට වරද පිළිගත් තරුණයෙකුට අධිකරණය විසින් අත්හිටුවූ සිර දඬුවම් නියම කර තිබේ.

ඒ අනුව මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරමින් එම සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කොරෝනා වසංගත කාලයේ දී රාජපක්ෂ පවුලේ 548 දෙනකුගේ නිවෙස් වලට නාවික හමුදාවෙන් නොමිලේ ආහාර පාන ලබා දුන් බවට අසත්‍ය පුවතක් පළ කිරීම සම්බන්ධයෙන් ඔහු මෙසේ වරද පිළිගන්නා ලදී.

මෙසේ වරද පිලිගෙන ඇත්තේ තිස්සමහාරාම කාවන්තිස්සපුර පදිංචි තරුණයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.