ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් ?

0

කොලඹදී පැවති ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.

මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.

අවසන් මහා තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අඩු ලකුණු සංඛ්‍යාව දැවී යාම දැඩි සැකයක් ඇති බවත්, මෙම තරගයේ කාසිය වාසිය දිනු අවස්ථාවේ පටන්ම සැකසහිත අවස්ථා මතුව ඇති බවත් සංගමයේ සභාපති ජාමුනි කම්මුනි තුෂාර මහතා තම පැමිණිල්ල මගින් කියා සිටියි.

මීට පෙර පැවති 2003, 1999 ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකා පිල ලද පරාජයන් පිළිබඳව තරඟ පාවා දී ඇත්දැයි පිළිබඳව විමර්ශන කරන ලෙස ඔහු ඉල්ලා ඇත.

ආසියානු කුසලාන අවසන් මහා තරඟය නරේන්ද්‍ර මෝදිට උපන්දින තෑග්ගක් ?

ආසියානු කුසලාන අවසන් මහා තරඟය

ආසියානු කුසලාන අවසන් මහා තරඟය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට උපන්දින තෑග්ගක් වශයෙන් නිකම්ම ඉන්දියාවට ලබා දීම පිළිබඳ විශාල සැකයක් ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සැක විශාල සැකයක් පවතින බවත් හෙතෙම කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පලපුරුදු ක්‍රීඩකයන්ගේ කඩුලු මේ ආකාරයෙන් බිඳ වැටුණේ කෙසේදැයි ප්‍රශ්නයක් ඇති බවත් මීට වඩා අවදානම් තරග දී පිතිකරුවන් කණ්ඩායම ඉදිරියට ගෙන ගිය බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

“ඇත්තටම මටත් දුකයි. අපිට ඉන් සතුටක් විඳින්න බැරි වුණා. ඉතා කෙටි වෙලාවකින් සම්පූර්ණ තරගයම අවසන්. මේක ඇත්තටම හිතා ගන්න බැරි දෙයක්. ක්‍රීඩාවේ ජය පරාජය දෙකම තිබෙනවා. නමුත් තරග නරඹන ප්‍රේක්ෂකයන්ට නම් මෙය විය නොහැකි පරාජයක්. පළපුරුදු ක්‍රීඩකයන්ගේ කඩුළු මේ ආකාරයෙන් බිඳ වැටුණේ කොහොමද කියන එක ගැන අපිටත් ප්‍රශ්නයක් තිබෙනවා. මීට වඩා අවදානම් තත්ත්වයන්වලදී පිතිකරුවන් කණ්ඩායම ඉදිරියට ගෙන ගියා. නමුත් ඊයේ එහෙම වුණේ නෑ.

ඊයේ මෝදි අගමැතිතුමාගේ උපන් දිනයට ලැබුණු තෑග්ගක් වගෙයි. මේ අපේ බිඳවැටීම ගැන නම් ලොකු කනගාටුවක් තිබෙනවා. ප්‍රේක්ෂකයන් ලොකු සැකයකින් ඒ ගැන කතා කරනවා. තරග පරාජය නිකම්ම කුසලානය ගෙනිහින් දුන්නා වාගෙයි. මේ විදිහට පරාජය වුණු එක ගැන නම් අපෙත් ලොකු කනගාටුවක් තිබෙනවා.”