රැඳවුම් නියෝග මත රහස් පොලිස් බාරයේ පසුවන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාට අත්අඩංගුවෙන් පළා යාමේ සැලසුම සඳහා රහස් පොලිසියේ ඉහළම නිලධාරීන් මෙන්ම දේශපාලනඥයන්ද සම්බන්ධ වී ඇති බව පොලිස් පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිළිබඳව දිගින් දිගටම සිදුකරන විමර්ශන වලදී මේ තොරතුරු හෙළි වී තිබේ.
රහස් පොලිසියෙව් පළායාමට හරක් කටාට උදව් කළ පොලිස් කොස්තාපල්වරයාගේ පලා යෑමෙන් පසු රහස් පොලිස් රථගාලේ රඳවා තිබූ යතුරු පැදියක් හා ආරක්ෂක සිසුන් දෙකක් ද පොලිසිය විසින් හඳුනාගෙන තිබේ.
එමෙන්ම හරක් කටාට එම ස්ථානයෙන් පළා යාම සඳහා පැමිණ රදවා ඇති බව පවසන මෝටර් රථයක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළි වී ඇත.
එම මෝටර් රථය කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටී.
මේ අතර හරක් කටාගෙ සුවදුක් බැලීම සඳහා රහස් පොලිසිය වෙත පැමිණි ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකුගේ ප්‍රබලම ආධාරකරුවන් දෙදෙනකු ද ඊයේ දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.