Leek කලොත් හිරේ දාන්න නීති සම්පාදනය කිරීමට පියවර

0
කලොත් හිරේ දාන්න

පැරණි ප්‍රේම සබඳතාවයේ සහකාරියගේ හෝ සහකරුගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සබඳතාවය නතර වීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන පුද්ගලයින්ට දඬුවම් ලබාදිය හැකි පරිදි නීති සම්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එවැනි වරදක් මුල් වරට සිදුකරන පුද්ගලයෙකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයක් පැනවිය හැකියි.

එවැනි වරදකට දෙවැනි වරට හෝ නැවත නැවත හසුවන යම් පුද්ගලයෙකුට දඬුවම් හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක්ද කළ හැකි බව සඳහන්.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් මෙම නව නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විවිධ තරාතිරම්වල පුද්ගලයින් සහ කාන්තාවන් ප්‍රේම සබඳතා පවත්වන අතරතුරදී ලබා ගන්නා පෞද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතරවීමෙන් අනතුරුව අනෙක් පාර්ශ්වය අපහසුතාවයට පත් කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින් අදාළ නව නීති සකස් කර ඇති බව සඳහන්.

අන්තර්ජාලය හරහා සිදුකරන එවැනි වැරැදි වැළැක්වීම සඳහා අදාළ පනත් කෙටුම්පත සකස් කර තිබෙන අතර ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය මේ වනවිට හිමිව තිබෙනවා.