ජපානයත් සඳ ගමන 06 වැනිදා ආරම්භ කළා.
මීට පෙර අවස්ථා තුනකදී ජපානය සඳ ගවේශණය සඳහා සූදානම්වූ නමුත් කාලගුණ බලපෑම් හා තාක්ෂණික දෝෂ හමුවේ එම උත්සාහයන් ව්‍යවර්ථ වුණා.
විදෙස් මාධ්‍ය පැවසුවේ ජපානය අද සිය සඳ ගවේෂණ යානය රැගත් රොකට්ටුව සාර්ථකව කක්ෂගත කළ බවයි.
“මූන් ස්නයිපර්” ලෙස ජපානය සිය සඳ ගවේෂණ යානය නම්කර තිබෙනවා.
ඒ අනුව ජපානයේ සැලසුම පරිදි මෙම මෙහෙයුම් යානය සාර්ථකව සඳ වෙත ළඟා වුවහොත් එය ලබන පෙබරවාරි මාසයේදී සඳ වෙත ගොඩබානු ඇති.
ඒ අනුව ජපානයේ සඳ මෙහෙයුම සාර්ථක වුවහොත් අමෙරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාවට පසුව සඳට මෙහෙයුම් යානයක් ගොඩබෑ පස්වන රට ලෙස ජපානය වාර්තා අතරට එක්වනවා.