රුපියල් කෝටි 176ක ලොතරැයි දිනුම ශ්‍රී ලාංකිකයෙක්ට

0
රුපියල් කෝටි 176ක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයියේ නවතම දිනුම් ඇදීම් වාරයේදී රුපියල් කෝටි 176ක (ඩිරාම් මිලියන 20ක) දැවැන්ත ත්‍යාගයක් හිමි කර ගැනීමට ශ්‍රී ලාංකිකයෙක් සමත් ව තිබෙනවා. 

මෙලෙස ජයග්‍රාහකයා බවට පත්ව ඇත්තේ තුරෙයිලිංගම් ප්‍රභාගර් නමැති ශ්‍රී ලාංකිකයකු බව ගල්ෆ් නිව්ස් පුවත් සේවය පවසනවා.

තුරෙයිලිංගම් මීට වසර 16කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සංක්‍රමණය වී ඇති අතර, දැනට ඩුබායිහි සමාගමක අධීක්ෂකවරයකු ලෙස කටයුතු කරන බව වාර්තා වෙයි.

ඔහු අගෝස්තු අවසාන සතියේ ජයග්‍රාහී ටිකට්පත අන්තර්ජාලය ඔස්සේ මිලට ගෙන තිබෙන අතර එම ලොතරැයිය සඳහා මෙම දැවැන්ත ත්‍යාග මුදල හිමිව තිබේ.

තුරෙයිලිංගම් පසුගිය වසර පහ තුළ ඔහුගේ මිතුරන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ‘බිග් ටිකට්’ලොතරැයිය මිල දී ගෙන ඇතැයි ද වාර්තා වෙයි.