ඉන්දියාවෙන් ගෙන්නා අපේ මිනිස්සුන්ට කවන්නෙ ප්‍රමිතියෙන් බාල බිත්තර – විපක්ෂ නායක

0
ප්‍රමිතියෙන් බාල බිත්තර

රජය ප්‍රමිතියෙන් බාල බිත්තර ජනතාවට අලෙවි කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කල් ඉකුත් වූ විදේශීය බිත්තර අඩු මිලට ගෙන වැඩි මිලට අලෙවි කරන මහා ජාවාරමක් ක්‍රියාත්මක වන බව ද ඔහු චෝදනා කරයි.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.