Xpres pearl නෞකාවේ රක්ෂණ වන්දියේ මිලියන ගාන කියවුනේ වැරදිලා. ලැබෙන්නෙ $ 878000

0
Xpres pearl නෞකාවේ

කොළඹ මුහුද මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශයට පත්වූ Xpres pearl නෞකාවේ රක්ෂණ සමාගම අතුරු දීමනාවක් ලෙස ලබාදීමට එකඟ වූ මුදල ඇමෙරිකානු ඩොලර් අටලක්ෂ හැත්තෑ අටදහසක් බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී තමන් ඇමරිකානු ඩොලර් මිලියන අට ලක්ෂ පනස්අටදහසක් ලෙස ප්‍රකාශ කළේ අතපසුවීමකින් බවද ඇමැතිවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේදී අසන ලද අතුරු ප්‍රශ්නයක් මත මෙම සංඛ්‍යා ලේඛන තමන්ට පරස්පර ලෙස ප්‍රකාශ වූ බවද හෙතෙම සඳහන් කළේය.

කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

සිංගප්පූරු අධිකරණයේ විභාග වන නඩුවක අගතියක් නොවන පරිදි මෙම මුදල අතුරු දීමනාවක් ලෙස ගෙවීමට එකඟ වී ඇති බවත් එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන දෙසිය අනූ එකක් පමණ වන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.