ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර තවත් රෝගියෙක් මියයයි

0
ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර

50 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී,  ප්‍රතිජීවක ඖෂධයක් ලබාදෙන අතුරතුර මියගොස් ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා  ප්‍රකාශ කළේ ආසාත්මිකතාවයක් හේතුවෙන් ඔහු මියගියාද යන්න පිළිබඳව හෙට (27) පරීක්ෂණයක් පවත්වන බවය.

පරීක්ෂණ අවසන් වනතුරු  අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.