දකුණු රට මෙරටට යා කරන විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් කෙරේ

0
විදුලි සම්ප්‍රේෂණ මාර්ගය

පොල්පිටිය, හම්බන්තොට විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ජාතික පද්ධතියට එක් කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නන්දික පතිරගේ මහතා පවසන්නේ, කිලෝවෝට් 220ක සම්ප්‍රේෂණ පද්ධතියක් මෙලෙස ජාතික පද්ධතියට ඊයේ (24) උදෑසන සිට එක්කෙරුණු බවයි.

රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් හරහා රැහැන් පද්ධතිය ඉදිකිරීම සඳහා පැවති බාධක හේතුවෙන් අදාළ සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකි වී තිබිණි.

කෙසේ වෙතත් එම ගැටලුව නිරාකරණය කිරීමත් සමඟම එම ඉඩම හරහා නව රැහැන් පද්ධතිය ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය.

පොල්පිටිය, හම්බන්තොට නව විදුලි සම්ප්‍රේෂණ මාර්ගය සඳහා ආසියානු සංවර්ධන බැංකු ආධාර මත අමෙරිකානු ඩොලර් මිලියන 55ක මුදලක් වැය කෙරුණු බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම සම්ප්‍රේෂණ මාර්ගය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමත් සමඟ සමනල වැව ජල විදුලි බලාගාරයෙන් විදුලිය උත්පාදනය අඩු වුව ද දකුණු පළාතට විදුලිය සැපයීම බාධාවක් නොවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ නන්දික පතිරගේ මහතා පෙන්වා දුන්නේය.

විදුලි සම්ප්‍රේෂණ මාර්ගය

විදුලි සම්ප්‍රේෂණ මාර්ගය