දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය කපයි. භික්ශූන් වහන්සේලා දැඩි අපහසුතාවක

0
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය

සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය  දෙවන වරටත්  අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පැවසූහ.

1954 අවධියේ සිට පාලකයන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර ඇති අතර මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි, ගහන වලසුන් මැද වැඩ වාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද රාහුලාලංකාර නා හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.

රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන මෙම විදුලි බිල දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිසේත්ම ගෙවීමට තරම් ආධාර, මුදල්, නොලැබෙන බවත්, වෙනත් විහාරස්ථානවලට මෙන් තම විහාරස්ථානවලට ආධාර පරිත්‍යාග නොලැබෙන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පෙර පාලකයන් මෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය විදුලි බිල නිදහස් කර දෙන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙන්ම විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ,

විදුලි ගාස්තු වැඩිවීමට පෙර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මාසික විදුලි බිල ලක්ෂයක පමණ මුදලක්, පැමිණියද විදුලි ගාස්තු වැඩිමත් සමග මාසිකව රුපියල් ලක්ෂ හතර හමාරක, පහක විදුලි බිලක් ලැබීම දරා ගැනීමට නොහැකි බවත් එම බිල මාසිකව ආරණ්‍ය සේනාසනයට නොලැබෙන බවද රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.