මාතලේ ඇල්කඩුව පවුල් තුනක් ඉවත්කිරීම නිසා පාර්ලිමේන්තුව ඇවිලෙයි

0
මාතලේ ඇල්කඩුව

මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ රත්වත්ත පහළ කොටසේ පදිංචිව සිටි පවුල් 3ක පුද්ලගලයින් 14 දෙනෙකු එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට සම්බන්ධ වතු කළමණාකාරවරයා ඇතුළු පිරිස මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති වුණා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් අදහස් පළ කිරීමත් සමගයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී  වී රාධ ක්‍රිෂ්නන්ද අදහස් දැක්වූ අතර එම සිද්ධියට විරෝධය පළ කරමින් මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකු සභා ගර්භය තුළ විරෝධතා පාඨ කියමින් විරෝධතාවකද නිරත වුණා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඊට පිළිතුරු ලබා දුන්නේ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් කියා සිටියේ අදාළ ස්ථානයේ නිවාසවලින් ඉවත් කර ඇත්තේ අදාළ වතු යායේ සේවය කරන පිරිසක් නොව අනවසර පදිංචිකරුවන් පිරිසක් බවයි.

එහෙත් නිවාස අහිමි වූ පිරිසට නිවාස ලබා දිමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

සිද්ධියට සම්බන්ධ වතු සහකාර කළමණාකාරවරයා තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද අමාතය ජීවන් තොණ්ඩමන් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.