චැනල් අයි විකුණා දැමීමට රජය සැරසෙනවා – සජිත් / විකුනන්නේ බදු දෙන්නේ නෑ – කැබිනට් මණ්ඩලය

0
චැනල් අයි

රටේ පවතින මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් අයි විකුණා දැමීමට රජය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අම්පාර ප්‍රදේශයේ අද (14) පැවති උත්සවයකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“රූපවාහිනී අයි නාලිකාව විකුණන්න යනවා. අපිට ආරංචියි බදු දීලා කියලා. මේ රටේ මූල්‍ය ප්‍රශ්නයට විසඳුම් අවශ්‍යයි. අලුත් ආයෝජකයෝ රාජ්‍ය මාධ්‍යයට සම්බන්ධ කරද්දී. යම් කිසි පිළිවෙළක් තියෙන්න ඕනේ. එක්තරා කණ්ඩායමකට අයි නාලිකාව භාර දීලා. දැන් ආවරණ අනුමැතියක් ගන්න යනවා. ඔක්කෝම යන්නේ කණපිට. මේ සියලුම වෙන්දේසි අපේ රජයක් යටතේ නැවත පවරාගන්නවා.”

චැනල් අයි ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාව රූපවාහිනි සංස්ථාව සතු ‘චැනල් අයි’ නාලිකාව බදු පදනම යටතේ ‘ලයිකා ගෲප්’ (LYCA) වෙත ලබා දීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද(14) පස්වරුවේ රැස් විය.

ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අදාල කැබිනට් පත්‍රිකාව මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

‘චැනල් අයි’ නාලිකාව ‘ලයිකා’ ගෘෘෆ් වෙත ලබා දීමට ජුලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිස ගෙන තිබී ඇතත් ඒ සඳහා රුපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයේ පුර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුන බව කියති.