
කටුනායක ගුවන් තොටුපල සඳහා ආරක්ෂක නිලධාරීන් බදවා ගැනීමේදී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මැදිහත් වී ඇතැයි චෝදනා එල්ල වීමත් සමග අද හවස ගුවන්තොටුපල පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
පිරිමි ආරක්ෂක නිලධාරීන් සීයක් සහ කාන්තා නිලධාරිනියන් පනහක් ගුවන්තොටුපල ආරක්ෂක සේවයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ වට ගණනාවක් පසුගිය දින කිහිපය තුළ පැවැත්විය.
නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා විසින් කාන්තා නිලධාරීන් 50ක් සහ පිරිමි නිධාරීන් 25 ක් තෝරා ගෙන ඇති බවට එහි සිටි ඇතැමුන් චෝදනා එල්ල කිරීම මත මෙම උණුසුම් තත්වය ඇති විය.