සැහැල්ලු ගුවන් යානයක් කඩාවැටෙයි ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියයයි ( Video )

0
සැහැල්ලු ගුවන් යානයක්

චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨ කඳවුරේ පුහුණුවීම සඳහා යොදා ගන්නා ජී.ටී .6 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අද  උදේ 11.45 ට පමණ කඩා වැටීමෙන්එහි ගුවන් නියමුවා සහ ගුවන් හමුදා ඉංජිනේරුවරයා මියගොස් ඇතැයි චීන වරාය පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ ගුවන් නියමුවා වන තරිඳු හේරත් මහතා සහ ඉංජිනේරු මධුසංඛ වර්ණකුලසූරිය මහතා ය.

සැහැල්ලු ගුවන් යානය ධාවන පථයෙන් මද දුරක් ඉහලට ගිය අවස්ථාවේ එක්වරම කඩා වැටී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ධාවන පථයෙන් ඉහලට ඔසවා විනාඩි තුනක පමණ කාලයක් ඇතුළත ගුවන් යානය කඩා වැටී ඇති බව පෙනී යන්නේ යැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.

මෙම සැහැල්ලු ගුවන් යානය පරීක්ෂණ කටයුත්තක් සඳහාගුවන් ගත කර ඇතැයිද ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

ගුවන් යානය ධාවන පථයට කඩා කඩා වැටීමෙන් පසු එම ස්ථානයේදීම මෙම දෙදෙනා මියගොස් ඇතැයි චීන වරාය පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

 

දෙදෙනෙකුට මරු කැඳවමින් සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීම ගැන ගුවන් හමුදාපති නියමයෙන් විමර්ශණ

 

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුර ආසන්නයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් කඩා වැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ විසින්.

ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යෝදා ගත් පී.ටී 06 වර්ගයේ ගුවන් යානයක් එලෙස කඩා වැටී තිබුණේ අද පෙරවරු 11 යි 27 ට පමණයි.

එම අනතුරෙන් අදාළ ගුවන් යානයේ ගමන් ගත් නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම යානයේ ගුවන් නියමුවා සහ ඉංජිනේරුවරයා බවයි පොලීසිය පැවසුවේ.