උඩවලව ජලාශයෙන් ජලය නෑ – ගොවීන් සමණලවැව වටලයි – ඇමති රොශාන් අස්වෙන්න යයි

0
උඩවලව ජලාශයෙන් ජලය

උඩවලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම තවදුරටත් සීමා වී තිබේ.

ඒ, පවතින අධික වියළි කාලගුණික තත්ත්වයත් සමග ජල මට්ටම තවදුරටත් පහළ යාම හේතුවෙනි.

ජලාශය භාර ඉංජිනේරු සුජීව ගුණසේකර පැවසුවේ, ජලාශයේ සක්‍රීය මෙහෙයුම් කාර්යක්ෂමතාව මේ වනවිට 0.9% ක් දක්වා පහතවැටී ඇති බවයි.

එම තත්ත්වය තුළ දැනට නිකුත් කෙරෙන ජල ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 350 කි.

ජලාශය භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ, එම ජලය වගාව සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.

වගාව සඳහා ජලය නිකුත් කරන්නේ නම්, එහි ධාරිතාව තත්ත්පරයට ඝන අඩි 750 ඉක්මවිය යුතුවේ.

ඉංජිනේරුවරයා පෙන්වා දෙන්නේ, දැනට දකුණු සහ වම් ඇළවල්වලින් පානීය ජල අවශ්‍යතාව සඳහා ජලය නිකුත් කරමින් ඇති බවයි.

වම් ඉවුර සඳහා ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සුජීව ගුණසේකර සඳහන් කළේ, ජල පාලන ලේකම් කාර්යාලයේ උපදෙස් මත ඉදිරි තීරණ ගන්නා බවයි

උඩවලව ජලාශයෙන් ජලය නෑ ගොවීන් සමණල වැවෙන් බලෙන් ජලය ගන්න යයි

උඩවලව ජලාශයෙන් ජලය

ගොවීන් පිරිසක් අද (05) සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක නිරත විය.

ඒ උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනල වැවෙන් මුදාහරින ලෙස ඉල්ලමිනි.

ඔවුන් පවසන්නේ ජලය මුදාහරින තෙක් තමන් එම ස්ථානයෙන් ඉවත්වී නොයන බවය.

ඒ අනුව සමනල වැව ජලාශය අවට අද ආරක්ෂාව තර කර තිබෙන ආකාරය දක්නට ලැබේ.

පවතින වියළි කාලගුණයත් සමග උඩවලව ජලාශයේ ජලය සිඳීයෑම නිසා තම වගාවන්ට ජලය නොමැතිව එම ප්‍රදේශයේ ගොවීන් පීඩාවට පත්වී සිටී.

උඩවලව ජලාශයෙන් ජලය

වලව මහවැලි බලප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් 12,000කට අධික ප්‍රමාණයකට උඩවලව ජලාශයෙන් ජලය සපයන අතර අද වන විට ජලාශයේ ඇති සක්‍රීය ජල ප්‍රතිශතය සියයට 1.4ක් පමණි.

මේ හේතුවෙන් පවුල් 86,000 ක් පමණ බලපෑමට ලක්වී තිබේ.

එවැනි පසුබිමක උඩවලව ජලාශයට ප්‍රමාණවත් ජල ධාරිතාවක් සමනල වැවෙන් මුදාහරින ලෙස ඉල්ලා ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය අද 13 වැනි දිනටත් ක්‍රියාත්මකය.

මේ අතර වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ පොළොන්නරුවේදී පැවසුවේ දින 20කට විදුලි කප්පාදුවකින් තොරව සමනල වැවෙන් ජලය ලබාදීමේ හැකියාව පවතින බවය.

ගොවියාට ජලය සැපයිය යුතුය යන ස්ථාවරයේ සිටිමින් ධුරයෙන් ඉල්ලා අස්වීමට වුවද තමන් සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උඩවලව ජලාශයෙන් ජලය නෑ රොශාන් ඇමතිකමෙන් අස්වෙන්න යයි

උඩවලව ජලාශයෙන් ජලය

ගොවිතැනට ජලය සැපයීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් පළ කළ අදහස හේතුවෙන් තමනට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ජනාධිපතිවරයා පවසන්නේ නම් තමන් ඊට සූදානම් බවත් ක්‍රීඩා, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යා රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

ජලය පලමුව අවශ්ය වන්නේ බීමට බවත්, දෙවනුව ගොවිතැන් සඳහා බවත් තුන්වනුව වෙනත් කටයුතු සඳහා බවද පැවසූ ඔහු ගොවියා මහමගට බැස්සොත් විශාල ප්‍රශ්නයක් ඇති වන බවද කියා සිටියේය.

නියගය හේතුවෙන් විදුලිය මිලදී ගැනීමට සිදුවන්නේ නම් අස්වැන්නත් විනාස කරන විදුලිය පසුව මිලදී ගන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

පළමුව ගොවියාට වතුර දිය යුතුය යන ස්ථාවරය තමන් කිසි ලෙසකින් වෙනස් නොකරන බවත් එය වෙනස් කර ආණ්ඩුව විනාශ වෙනවා දැකීමට ද තමන් අකමැති බවද හෙතෙම පැවසීය.