ඥානසාර හිමියන් ප්‍රභූ ආරක්ෂාව එපා කියද්දී, හිටපු මැති ඇමතිවරු විස්සක් ප්‍රභූ ආරක්ෂාවෙන් නඩත්තු වෙයි!

0
ප්‍රභූ ආරක්ෂාව

ප්‍රභූ ආරක්ෂාව

පාර්ලිමේන්තුවේ හිටපු අමාත්‍යවරුන් සහ හිටපු ආණ්ඩුකාරවරුන් බොහෝ දෙනෙකුට තවමත් ප්‍රභූ ආරක්ෂාව ලබා දෙමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් සියයක් පමණ මේ සඳහා යොදවා ඇති බවයි පොලිස් ආරංචි මාර්ග හෙළි කලේ.

හිටපු අමාත්‍යවරුන් සහ ආණ්ඩුකාරවරුන් 20කට ආසන්න පිරිසක් සඳහා මෙසේ ඇමති ආරක්ෂාව ලබා දී ඇති බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කළා.

හිටපු ආණ්ඩුකාරවරුන් වන හේමාල් ගුණසේකර, සරත් ඒකනායක, ටිකිරි කොබ්බෑකඩුව, අනුරාධා යහම්පත් යන අයට තවමත් ආරක්ෂාව සපයන බව වාර්තා වෙනවා.

එහෙත් පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබා දී තිබු ඇමති ආරක්ෂක නිලධාරීන් උන්වහන්සේ ස්වකැමැත්තෙන්ම මිට මාසයකට පමණ පෙර යළි භාර දී ඇති බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.

Asianmirror