7වන ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 29 කට අතවර කල ගුරුවරයා ඇතුලට

0

7වන ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 29

2019 වසරේ මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ කාන්තා පාසලක 7වන ශ්‍රේණියේ ශිෂ්‍යාවන් 29 දෙනෙකුට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ ගුරුවරයෙකු ලබන මස දෙවෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව අතිරේක මහෙස්ත්‍රාත් එස්.අන්වර් මහතා අද (31) නියෝග කළේය.

මේ වනවිට විශ්‍රාම ගොස් සිටින 61 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, ඔහු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු ඉදිරිපත්ව නොමැත.

මින් පෙර ශිෂ්‍යාවන් සිව්දෙනෙකු සිදුකළ පැමිණිලි මත අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලද අවස්ථාවේ, චෝදනා ඔප්පු නොවීම හේතුවෙන් නිදහස ලබා තිබේ.

පසුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදුකළ විමර්ශනයකදී අනාවරණ වී ඇත්තේ ඔහු ශිෂ්‍යාවන් 29කට ලිංගික අතවර සිදුකර ඇති බවය.