වසරකට පසුව කල සාහසික පළිගැනීමක්

0

පළිගැනීමක්

2022 වර්ෂයේ සිදු වු ඝාතනයක පළිගැනීමක් වශයෙන් මුලතිව් මල්ලාවි  ප්‍රදේශයේ  කැබ් රථයක් යතුරු පැදියක හප්පා, බිම වැටුණු පැදිකරුවන් දෙදෙනාගේ සිරුර මතින් කැබ් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයෙකු මියගොස්  තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව මල්ලාවි පොලිසිය පවසයි.

සිද්ධියෙන්  බරපතළ තුවාල ලැබූ එම යතුරු පැදියේ සෙසු පසුපැදිකරු යාපනය ශික්ෂණ රෝහලට මාරුකොට යවා ඇත.

මල්ලාවි නගරයේ දී මෙම සිද්ධිය සිදුව ඇති බවත්,  සැකකරුවන් යතුරු පැදිය පසුපස කැබ් රථයකින් ලුහුබැඳ යමින් සිටියදී  යතුරුපැදිකරුවන් නොනවත්වාම යතුරුපැදිය මල්ලාවි නගරය දෙසට ධාවනය  කර ඇත එහිදී කැබ් රථය ඉදිරියට ධාවනය කරමින් තිබූ යතුරුපැදියේ ගැටීමට සැලැස්වීමෙන් යතුරු පැදිය පෙරළී ඇති පැදිය පෙරලීමෙන් බිම වැටුණු පුද්ගලයන් දෙදෙනාගේ සිරුර මතින් සැකකරුවන් කැබ් රථය ධාවනය කර ඇති බව අනාවරනය වෙයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පැදි කරුවන් දෙදෙනා  රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර

මෙලෙස මියගොස් ඇත්තේ වවුනියාව වවුනියාව ප්‍රදේශයේ පදිංචි   කමලදස්  කපිලදසෙන්   නැමැති (47) හැවිරිදි පුද්ගලයෙකි

අනතුර සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවටද පරික්ෂණ සිදුකරන මල්ලාවි පොලීසිය වැඩිදුරටත් පැවසීය.