මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුනා iPhone 14 දුරකතනයක් ගනියි

0

මාස 8ක් වයසැති සිඟිත්තා

ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණු පුවතක් වාර්තා වෙයි.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ සිය පුතුව විකුණා ඇත්තේ එම මුදලින් iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට බවයි.

මෙහිදී ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එය මිලදීගෙන තිබේ.එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජමාධ්‍ය වෙත මුදාහැරීම‌ට කටයුතු කර ඇත.

අසල්වැසියන් විසින් සිය පුතු නොමැතිව දුක් වෙනවා වෙනුවට විශාල මුදලක් වැයකර දුරකථනයක් මිලදී ගෙන තිබීම සම්බන්ධයෙන් අසල්වැසියන්ට ඇතිවූ සැකයක් මත මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී තිබේ.

මෙහිදී සිදුකළ විමර්ශනයේදී මෙම යුවළ විසින් සිය දරුවා මුදලට විකුණා ඇති බව පොලීසියට අනාවරණය වී ඇත. පසුව ඉන්දීය පොලීසිය විසින් දරුවාගේ මව සහ දරුවා මිලදීගත් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.