කෝටි 21 ක් වටිනා මත්ද්‍රව්‍ය ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

0

 

කෝටි 21 ක් වටිනා මත්ද්‍රව්‍ය
රුපියල් කෝටි 21 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කර තිබෙනවා.

එහිදී කිලෝ ග්‍රෑම් 33 ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයා ගෙන තිබුණා.

ඉන්පසුව ඔවුන්ගෙන් ලද වැඩිදුර තොරතුරු මත, මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින්, කොළඹ , පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන ” ශබ්ද වාහිනී ” පද්ධති අලෙවි කරන වෙළඳසැළක් තුළ තිබී රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කෘතිම ඇම්පටමයින් කුඩු කිලෝ ග්‍රෑම් 100 ක් පමණ සොයා ගෙන තිබෙනවා.

ඒ සමගම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණා.

මෙම කෘතිම මත්ද්‍රව්‍ය කුඩු, කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ වල ” සාද” පවත්වන අවස්ථා වලදී භාවිතා කිරීම සදහා යොදා ගන්නා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණ  වෙත ඉදිරිපත් කර, රැදවුම් නියෝග ලබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.