ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වටලන ලද පිරිසක් හේතුවෙන් එම පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් අද පෙරවරුවේ ඇති විය.

තත්ත්වය පාලනය සඳහා පොලීසිය ද මැදිහත් විය.

විරෝධතාකරුවන් සඳහන් කරන්නේ ක්‍රිකට් ආයතනය විසින් අයථා මුදල් පරිහරණය සම්බන්ධයෙන් වගකිව යුතු බවත් අදාල වගකිව යුත්තන් ඉල්ලා අස් විය යුතු බවත්ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට මුදල් ලබාදෙන්නේ කිසිවකුගේ පෞද්ගලික පරිහරණයට නොව ලංකාවේ ක්‍රිකට් දියුණු කිරීමට වුවත් ඒ වෙනුවට පාලකයන් කරමින් සිටින්නේ මුදල් ඔවුන්ගේ අවභාවිතායන් සඳහා යොදා ගනිමින් සිටීම බවයි.