සමන් ද සිල්වා බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් (Video)

0

බිලක් නොගෙවා පිටව යාමට

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ආපනශාලාවක බිලක් නොගෙවා පිටව යාමට උත්සාහ කිරීමේදී ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.

පානදුර ප්‍රදේශයෙන් සිදුවීම වාර්තාවන අතර ආපනශාලා සේවකයන් මේ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පානදුර ප්‍රදේශයේ ආපන ශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊයේ (01) රාත්‍රියේ පැමිණ එහි ආහාර ගෙන තිබුණි.

එම ආහාර සඳහා ඔවුන්ගේ බිල රුපියල් 1,650කි.

එහිදී සමන් ද සිල්වා මහතා සහ ආපන ශාලාවේ සේවකයන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් වූ බවත් ඉන් පසු බිල නොගෙවා පිටව යාමට ඔහු ඇතුළු පිරිස උත්සාහ කර ඇති බවත් වාර්තා විය.

එම අවස්ථාවේදී බිල ගෙවීම ප්‍රතික්ෂේප කළ සමන් ද සිල්වා මහතා ආවේගශිලීව හැසිරී ඇතැයි වාර්තා වෙයි.

සිද්ධියෙන් ආපන ශාලාවේ සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර එහි භාණ්ඩවලට හානි සිදුව තිබුණි.

මෙම සිද්ධියට මුහුණ පෑ එම ආපනශාලාවේ මුදල් අයකැමිවරයා සහ වේටර්වරයා පානදුර දකුණ පොලිසීයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.