කුඩා ව්‍යාපාර ලබාගත් ණය ගැන පැහැදිලි කිරීමක්

0

කුඩා ව්‍යාපාර ලබාගත් ණය ගැන පැහැදිලි කිරීමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමත් සමග විදෙස් ආධාර මෙරටට ලැබීමෙන් රට තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහපවසයි.

වෘත්තීය සමිති සමඟ ඊයේ (29) පැවති හමුවකදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂී වගකීමක් ව්‍යාපාරිකයින්ට සහ වෘත්තීය සමිති නියෝජිතයන්ට පැවරෙන බවය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් කුඩා ව්‍යාපාර මගින් ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොලී අනුපාත නැවත වැඩි වියහැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

මේ අතර සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදෙනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද කොළඹ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි