පවුලම අරන් සොරකමේ නිරත වූ පියා අත්අඩංගුවට

0

සොරකමේ නිරත වූ

සිය පවුල සමග බස් රථවලට නැග සොරකමේ නිරත වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විය පසුවන පුද්ගලයෙකි.

සැකකරු සිය බිරිඳ හා දරු තිදෙනා සමඟ බස් රථවලට ඇතුළුවී මෙලෙස ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරකම් කර ඇත.

බස් රථවලදී ජංගම දුරකථන සහ මුදල් පසුම්බි නැතිවීම පිළිබඳව ලද පැමිණිලි කිහිපයකට අනුව පිළියන්දල පොලීසිය CCTV දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන ඇත.

අනතුරුව පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 5200ක් පමණ ප්‍රමාණයක් ද හමුවූ බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අනාවරණය වී ඇත්තේ ගල්කිස්ස සහ පිටකොටුව ප්‍රදේශවලට මෙලෙස සොරකම් කරන ලද දුරකථන ඉතා අඩුමිලට අලෙවි කර ඇති බවය.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙලෙස සොරකම් කරන ලද දුරකථන 20ක් පමණ පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම දුරකථනවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුක්ත බවද පොලීසිය පවසයි.

සැකකරු මෙලෙස පසුගිය මාස 06ක කාලය පුරා සිය පවුලේ සාමාජිකයින් සමඟ මාර්ග අංක 120,138 සහ 296 බස් රථවල නැග මෙම සොරකම් සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.