අනුරාධපුර පුජා නගරයට යන බැතිමතුන්ට පණිවිඩයක්

0

අනුරාධපුර පුජා නගරයට

පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුර පුජා නගරයට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

අනාරක්ෂිත ස්ථානවල දියනෑම වැළැක්වීම සඳහාද අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරන බව ඔහු ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය සහ මත්පැන් රැගෙන ගමන්කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද විශේෂ පරික්ෂා කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර පුජා නගරය ආශ්‍රිත කසළ බැහැර කිරීමේදී විධිමත් පරිදි එම කටයුතු සිදුකිරීමට පියවර ගන්නා ලෙසද අනුරාධපුර මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නුවන් කුලතුංග බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පොසොන් පොහොය නිමිත්තනේ අනුරාධපුරය බලා යන බැතිමතුන්ගේ පහසුව සඳහා අදත් විශේෂ දුම්රිය දෙකක් ධාවන කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාම්‍යාධිකාරී ගමනාගමන එම්. ජේ ඉදිපොලගේ සඳහන් කළේ බැතිමතුන්ට යළි පැමිණීම සඳහා ද විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බවය.