සුපිරි නළු රැජිණි කාන්ත් ළගදීම ලංකාවට

0

රැජිණි කාන්ත්

චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කේෂ්වරන් මහතා, ලෝක ප්‍රකට දකුණු ඉන්දීය සුපිරි නළු රැජිණි කාන්ත් මහතා පසුගිය (29) දා හමු වී තිබේ.

මෙහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සුපිරි නළු රජිනිකාන්ත් මහතා වෙත පුද්ගලිකවම ආරාධනා කර සිටි අතර ඔහුගේ පැමිණීම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි පිටිවහලක් වන බව සඳහන් කර ඇත.

එසේම ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වූ ‘Ramayana Trail’ අත්දැකීම ලබාගැනීමට ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් අවස්ථාව ලැබෙන බව ද නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙහිදී  සඳහන් කර තිබේ.

රැජිණි කාන්ත්