ඉඳිආප්ප කොත්තු ආරවුලෙන් පිය පුතු රෝහලේ

0

ඉදිආප්ප කොත්තුවක් ගැන ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පසු කඩු පහර කෑ 24 හැවිරිදි ධීවර තරුණයකු  තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙම ගැටුමෙන් එම තරුණයාගේ 61 හැවිරිදි පියාද කැපුම් තුවාල ලබා නාකුලුගමුව රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.

දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් පසු රෝහල් ගතකර ඇත්තේ කුඩාවැල්ල දකුණ පන්සල අසල පදිංචි පියපුතු දෙපළකි.

තුවාල ලැබූ තරුණයාගේ නැන්දනිය තම නිවසේ ඉදිආප්ප තනා විකුණන අතර බීමත්ව සිටි පිරිසක් ඉදිආප්ප කොත්තුවක් රැගෙන එන ලෙස තරුණයාට පවසා ඇත.

නැන්දා ඉදිආප්ප මිස ඉදිආප්ප කොත්තු නොසාදන බව තරුණයා එම පිරිසට පැවසූ පසු බීමත්ව සිටි පිරිස තරුණයා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇතැයි පොලිසිය පවසයි .ගැටුමට සම්බන්ධ දෙපිරිසම බීමත්ව සිටි බවත් ඔවුන් සමීප නෑදෑයන් බවත් පොලිසිය කියයි .