ජපාන අගමැති පැමිණි රැළියකට බෝම්බයක්

0

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහභාගී වීමට නියමිතව තිබූ රැළියක් ආසන්නයේ බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරුම් හඬ ඇසීමත් සමග අගමැතිවරයා එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි.

පිපිරීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.

පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් ප්‍රකාශ කළහ