මීට වසර දෙකකට පමණ පෙර වීසා කාලය ඉක්මවා ජපානය තුළ රැඳී සිටියේ යැයි චෝදනා කරමින් රඳවාතැබීමේ මධ්‍යස්ථානයකට යොමුකර සිටි ශ්‍රී ලාංකික තරුණියක් මරණයට පත්වී ඇති අතර ඇයගේ අවසන් දින කිහිපය තුළ සිදුවීම් ඇතුළත් CCTV වීඩියෝවක් එරට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කොට තිබේ.
33 හැවිරිදි වියේ පසුවූ විශ්මා සඳමාලි නම් තරුණිය මෙලෙස මරණයට පත්වීම පිළිබඳව විශ්මාගේ සහෝදරිය වන වයෝමි නිසංසලා ජපානයට ගොස් එම බලධාරීන්ට එරෙහිව නඩු පැවරීමත් සමඟ අදාළ වීඩියෝ දර්ශන මෙලෙස මාධ්‍යට මුදාහැර තිබේ.
2021 වසරේ මාර්තු 06 වනදා විශ්මාගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේම වෙනස් වූ බව බලධාරීන් පවසා ඇති බවත් තම සොහොයුරියව එහි දී මරණයට පත්කර ඇති බවටත් චෝදනා කරමින් විශ්මාගේ සහෝදරිය පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් විශ්මාගේ සහෝදරිය වන නිසංසලා පවසා සිටියේ “මම හිතන්නේ මිනිසුන් මෙම වීඩියෝව නරඹලා තීරණයක් ගනීවී ඒක අපේ පවුලට කරපු ලොකු අසාධාරණයක් කියලා, ඒ වගේම මගේ සොහොයුරියටත් ලොකු අසාධාරණයක් වී ඇති බව ඔවුන් පිළිගනීවී.”