අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළුවලින් බර ව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි:මී 100ට වැඩි වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඒවා මි:මී 75 දක්වා වැඩි විය හැකි බවට යි වාර්තා වෙන්නේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වයඹ, දකුන හා බස්නාහිර පළාත්වල සුළඟේ වේගය පැයට කි:මී 50 දක්වා වැඩි වෙනු ඇති.
ගිගුරුම් සහිත වැසි හා තාවකාලික සුළං මඟින් ඇති වෙන අකුණු අනතුරු අවම කරගැනීමට පියවරාගන්නා ලෙසට යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.