අද දිනයේ කාලගුණ තත්ත්වය

0
Today Weather Forecast - අද දිනයේ කාලගුණ තත්ත්වය

අද (24) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස 2.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.