එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ජයග්‍රහණය විජයග්රහණයක් කිරීමේ අරමුණෙන් රට පුරා පැවැත්වෙන එක්ව නැගිටිමු ජනරැළි මාලාවේ මහර කඩවත රැළිය අද (21) දින මේ මොහොතේ විශාල ජනතා සහභාගීත්වයකින් පැවැත්වෙනවා. එජාප මිනුවන්ගොඩ ආසන සංවිධායක ජනාධිපති උපදේශක මහාචාර්ය ආශුබෝධ මාරසිංහ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් සමගින් මහරට විශාල ජනතාවක් එක්ව සිටිනු දක්නට ලැබුනා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය.
ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර ජනහමුවට සහභාගී වූ සියලුදෙනා දෑත් ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.
කඩවත බස් නැවතුම්පොළ අසලදී ජන හමුව පැවැත්විණි.
ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කඩවත දී පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී අද (21)ඒකමතිකව සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ මහතාට පැන යාමට නොහැකි වනු ඇති බවයි.