ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සති 2 කාලයක් අකුරට වැඩ. නඩු කියන්නත් යයි.

0
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති

එළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ඒ අනුව පාසල්වලින් බැහැරව සිදුකරන සියලු ක්‍රියාමාර්ගවලින් ඉවත්වීමට එම සන්ධානය තීරණය කර ඇත.

ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව පැවසීය.

වර්ජනය නොකල ගුරුවරුන්ට 10000 වැටුප් වැඩි කිරීමට එරෙහිව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අධිකරණයට 

ගුරු - විදුහල්පති වෘත්තීය සමිති

පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (16) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

“1986 මේ වගේම පඩි වැඩි කළා. ඒකෙදි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා නඩු තීන්දුවක් තියෙනවා එහෙම අසමාන ලෙස සලකන්න බැහැ කියලා. අපි මේ වගේ හොරිකඩයන්ට හොරිකඩ වැඩ කරන්න ආණ්ඩුවට ඉඩ තියන්නේ නැහැ. ඒක පදනම් කරගෙන අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා.”