සමනළ වැව ජලාශයෙන් උඩවලව ට වතුර නිකුත් කරන්න අනුමැතිය

0

කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇත. මෙලෙස වගා කටයුතු සඳහා ජලය නිකුත් කළ ද විදුලි උත්පාදනය සඳහා දින 20ක් යන තුරු ප්‍රශ්නයක් නොවනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සමනළ වැව ජලාශයෙන් උඩවලව ට වතුර නාමල්ගෙන් ජනපතිට මල් මිටක්

සමනළ වැව ජලාශයෙන් උඩවලව

සමනල වැව සිට උඩවලව ජලාශය දක්වා ජලය නිකුත් කිරීමට රජය ගත් තීරණය වෙනුවන් ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට ස්තුති කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම ගොවීන් වෙනුවෙන් හඩනැගූ පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සියළු දෙනාටම ස්තුති කරන බව නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.

විශේෂයෙන්ම ගොවීන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිලිබදවද නාමල් රාජපක්ෂ මහතා සිය ජනාධිපතිවරයාට ස්තුතිය ප්‍රකාශ කර තිබෙනවා.

නියගය නිසා පීඩාවට පත් ගොවීන් වෙනුවෙන් වන්දි ලබා දීම කඩිනමින් සිදු කරන ලෙස ද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.