පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර ඇප මතමුදා හරින්නැයි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, බොරැල්ල පොලිසිය විසින් තරිඳු උඩුවරගෙදර අධිකරණය හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. කම්කරු අරගල මධ්‍යස්ථානය හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ඊයේ පැවැත්වූ විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ රාත්‍රියේ බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
ඒ සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. මේ, එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක.