වයඹ දිග පාකිස්තානයේ ස්වැට් නිම්නයේ ත්රස්ත මර්දන කාර්යාලයක සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු පොලිස් නිලධාරින් බව වාර්තා වේ.
පිපිරීම්වලින් පුද්ගලයින් 40දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
එම කාර්යාලයට පිටතින් ප්රහාරයක් එල්ල වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් පතොරම් ගිනිගැනීමට ලක්වීම පිපිරීම්වලට හේතුව විය හැකි බව වාර්තා වේ.